ජින් වර්ග හදුනා ගැනිම

Sinhala translation of https://www.liquor.com/gin-types-explainer-7368393





සරලම නිර්වචනය අනුව, ජින් යනු ජුනිපර් බෙරි හා අනෙකුත් ශාක ද්‍රවය වලින් රස කල ස්ප්‍රිත්තුවකි. ස්ප්‍රිත්තු නිශ්පාදනය සදහා ප්‍රසිද්ධ එක්සත් ජනපදයේ හා තවත් බොහො රටවල ජුනිපර් අඩංගු නම් මිස බෝතලයකට "ජින්" ලෙස ලෙබල් කල නොහැක.

නමුත් මෙම අවශ්‍යතාවයෙන් ඔබ්බට, ජින් නිර්මානය කිරිමේදි නිෂ්පාදකයන්ට විකල්ප රාශියක් ඇත. වොඩ්කා මෙන්, එය බෝහො විට තිරිගු හෝ බාර්ලි වැනි පැසවීමට ලක් කල ධාන්‍ය භාවිතා කරන නමුත් ඕනෑම මුලික ද්‍රවයකින් සදාගත හැක. ජින් වල භාවිතා කරන ශාක ද්‍රවය බෝහො සෙයින් වෙනස් විය හැකි අතර, ශෛලිය අනුව, high proof ස්ප්‍රීතු බෝතල් කිරිම, ආසවනයෙන් පසු පැණි රස හෝ රස කිරිම හෝ ඕක් බැරල් වල පැරණි කිරිම සිදු කල හැක.

ජින් වල බහුලව දක්නට ලැබෙන ශාක ද්‍රවය අතර coriander (කොත්තමල්ලි), orris root(ඔරිස් මුල්), angelica(ඇන්ජෙලිකා), star anise(බුරියානි මල්), citrus peel(පැගිරි ලේලි), licorice(වැල්මී) ඇත. සමහර ජින් වල ශාක ද්‍රවය කිහිපයක් පමනක් අඩංගු වන අතර සමහර එවාට දුසිම් ගණන් ශාක ද්‍රවය ඇතුලත් වේ. එහි ප්‍රතිපලයක් ලෙස pine (පයින්)වල සිට පැගිරි, මල්, මැටි හෝ අමුද්‍රවය වල ඔනෑම සං‍යොගයක් දක්වා විහිදිය හැකි සුවද හා රස පැතිකඩක් ඇත. කෙසේ වෙතත් ජින් වර්ග කරන විට London Dry, Old Tom, Plymouth හා තවත් ආකාර ගණනාවකට වර්ග කරනු ලැබේ.

London Dry



මේය වඩාත් සුලභ ජින් විලාසිතාවන්ගෙන් එකක් වන අතර බොහෝ මිනිසුන් මේම ස්ප්‍රීතු ඉල්ලා සිටි. London dry පැහැදිලි හා crisp වන අතර ප්‍රමුකව ජුනිපර් බේරි වල ඇති පයින් රස සටහන් වේ. 

එහි නමට සරිලන පරිදී 19 සියවසේදී ලංඩනයේදී මේම සංකේතාත්මක ශෛලිය ඉදිරිපත් කරන ලදි."බොහෝ මිනිසුන් දුර්වල ලෙස සාදන ලද ජින් වලින් මිය යමින් සිටි අතර ලංඩනයේ distillery කණ්ඩායමක් ඔවුන්ගෙ ප්‍රතිරුපය පිරිසිදු කිරිමට තීරණය කලහ " යනුවෙන් Bombay sapphire හී උතුරු ඇමරිකානු සන්නාම තනාපති Rayan Wainwright පවසයි.

විශේෂයෙන් London dry gin ලංඩනයේ නිශ්පාදනය කිරිමට අවශය නොවන නමුත් ලෝකයේ ඕනෑම තැනක නිෂ්පාදනය ලක හැකිය."මේම වර්ගය තනිකරම එය ආසවනය කරනා ආකාරය හා එය addictive රහිත බව" යයි wainwright පවසයි. මෙයින් අදහස් කරන්නේ ආසවනයෙන් පසුව  London dry gin වලට එකතු කල හැක්කේ නීත්‍යානුකුලව ජලය හා උපරිම 0.1g ක් පැණි රසකාරක පමනක් බවයි. වෙනත් වර්ණක හෝ රසකාරක එකතු කල නොහැක.


Comtemporary/ New Western/ New American




මේම ජින් වර්ගය බොහෝ නම් වලින් නිෂ්පාදනය වේ.New American, American Dry, New western යානාදි ලෙස. නමුත් ඇමරිකාව මෙහි ප්‍රබල නිෂ්පාදකයෙකුද නොවේ.

මේම බෝතල් සියල්ලේම ජුනිපර් අඩංගු වන අතර, බොහෝ නිෂ්පාදකයින් සම්මුතිය නොසලකා හරින අතර බොහෝ විට අද්විතිය රස පැතිකඩක් නිර්මානය කරන අසාමාන්‍ය ශාක ද්‍රවය(මුහුදු පැලෑටි/ඔලිව්/සේර- සිතම්බු- lemongrass) යොදාගනි.

New American යනු තහනම් කාලය තුල පැන නැගුනු ජින් ලබා දුන් අර්තයකි. මන්ද හොර මත්පැන් නිෂ්පාදකයින්(bootleggers) හා හොර මත්පැන් බෙදාහරින්නන් (speakeasieas) ජුනිපර් තෙල් හාඩුම්මල වර්ග සමග මධයස්ත ධානය ස්ප්‍රීතු මීශ්‍ර කර එවා"New American" හෝ "Bathtub Gin" ලෙස විකුණා ඇත. මේසේ පවසන්නේ Marsh Mokhtari වන අතර ඔහු ලොස් ඇන්ජලිස් පාදක කරගත් Gray Whale gin හි සම නිර්මාතෘ වේ. ඔහු පවසන පරිදි අද වන විට මේම නාමය සම්ප්‍රදායික London dry gin සන්නාම වලින් වෙනස් වීමට උත්සහා කරන ජින් සදහා යොදාගන්නා අලෙවි කරන උපක්‍රමයකි.

මේම නියමයක් කිසිවක් සදහා නීතිමය නිර්වචනයන් නොමැති අතර, Contemporary/ New American ලෙස හදුන්වන සන්නාමයන්ට ඔවුන්ගේ අපේක්ශිත රසය ලබා ගැනිම සදහා ආසවනය කිරිමේ ශෛලින්, proof, රසකාරක හෝ addictive රාශියක් භාවිතා කල හැකිය.


Plymouth




London Dry Gin වලට වඩා මධයස්ත, සහ බොහෝ විට වඩාත් බහුකාර්‍ය විකල්පය වේ. Plymouth gin 1793 දී එංගලන්තයේ ප්ලයිමුත් හි Black Friars පුජකයන් විසින් ඉදිකරන ලද ස්කාගරයකදි නිර්මාණය කරන ලදි. ජුනිපර් බෙරි මෙහි ප්‍රමුක රසකාරකය වන අතර සියුම් පස් රසයක් සමග පැගිරි රසයක් ද මෙහි අනෙකුත් ශාක ද්‍රවය සමග ඇත.

ජින් ශෛලියක් වශයෙන් වුවද ප්ලයිමුත් ජින් කැපී පෙනෙන්නේ තනි ස්කාගරයක නිෂ්පාදනය කිරිම හෙතුවෙනි. Plymouth Gin Distillery, යුරොපීය සංගමයෙ නීතිය මගින් මෙම ජින් ශෛලියට ආරක්ශිත භූගෝලිය දර්ශකය (PGI/ Protected Geographical Indicator ) ලබා දි ඇති අතර, ජින් අවම වශයෙන් 37.5% ABV හා ප්‍රමුක ජුනිපර් රසයන් සමග ප්ලයිමුත් නගරයේ නිශ්පාදනය කල යුතු බවට නියම කලෙය. කෙසේ වෙතත් Plymouth හී නුතන හිමිකරුවන් වන Pernod Ricard යටතේ වෙලද නාමයක් හා ආරක්ශිත වෙලද ලකුනක් බවට පත්ව ඇති බැවින්, සමාගම 2014 දී PGI තනතුර අවලංගු කිරිමට ඉඩ දුන්නේය. එහි නීතිමය තත්වය වෙනස් වුවද වට්ටොරුව හා ජින් එලෙසම පවති.

"ආරක්ශිත භූගොලිය දර්ශකය ඇත්තේ ජින් වර්ග කිහිපයකට පමණි. ඉන් එකක් plymouth ජින් වේ." යනුවෙන් පවසන්නේ ජින් වල බහුවිදි මෝස්තර නිපදවන portland, Oregon හි ඇති Freeland sprits හි master distiller වන Molly Troup ය. Plymouth ජින් සියවස් ගනනක් තිස්සෙ  Black Friars ස්කාගාරයෙ නිපදවයි.


OLD TOM



old Tom gin යනු තරමක් පැණි රස කලජින් විලාසිතාවකි. එය Martinez සදහා වඩාත් සුදුසු වන අතර එය London Dry Gin වලට පෙර සිට පැවති බව සැලකේ. 19 සියවසේ බොහෝ Cocktails වර්ග වලට පදක වුයේ old tom gin වේ. පසු දශක කිහිපය තුල මෙම ශෛලිය බොහෝ දුරට අමතකව තිබුනද, එය 2000 ගණන් වල Cocktail පුනරුදයේදී එක්සත් ජනපදයේදී නැවත පන ලැබීය. Old tom Gin පැරණි කර හෝ නොකර භාවිතා කල හැකිය.

O;d Tom Gin පැණි රස හෝ වියලී විය හැක. බැරල් වල වයස් ගත විය හැක. සමහර විට අමතර සීනි හෝ වැල්මී ඇත. නමුත් එහි කිසිදු වට්ටොටරුවක් නැත, එ නිසා එවා එකිනේකට වෙනස් රස විය හැක.


Flavored Gin



Sole gin, Blackthorn berry සමග රසකර සීනි සමග පැණිරස , රසකල ජින් වල වඩාත් ප්‍රසිද්ද විලාසිතාවත් විය හැක. සාමාන්‍යයෙන් රස කල ජින්බොහෝ විට මදක් අඩු ප්‍රමාණයකින් (30%-35% ABV) බෝතල් කරනු ලබන අතර පැණි රස හෝ වර්ණ එකතු කල හැක. එය නිපදවන ස්තානය මත පදනව flavored gin  තාක්ශනික වශයෙන් ජින් ලෙස සැලකිය හැකිය- උදාහරණයක් ලෙස, නීත්‍යානුකූලව ජින් ලෙස හැදින්වීමට බෝතල් අවම වශයෙන් 40%ABV විය යුතුය. කෙසේ වෙතත්, මෙම විලාසිතාව එංගලන්තයේ හා එක්සත් ජනපදයේ නැවත් ජනප්‍රිය වෙමින් පවති.


Navy Strength Gin



Navy Strength Gin යනු Overproof Gin වර්ගයකි. එය කුලුබඩු රසයක් හෝ Fiery ලෙස ලේබල් කල හැක. නමුත් මීශ්‍ර බීම වර්ග සමග මෙය හොදින්ගලපේ.

Navy Strength Gin ලෙස හදුන්වන්නේ එහි අවම මධයසාර ප්‍රමානය 114proof (57%ABV) වන නිසාය. මෙම Strength එක තෝරගෙන ඇත්තේ වෙඩි බෙහෙත් මත මෙම ජින් හලා දැමුවත් එවා ගිනිගන්නා නිසාය. බ්‍රිතානය නාවික නිලධාරින්ට දිනපතා මේම ජින් වලින් පයින්ට් එකක් ලබා දී ඇත. එම නිසා මෙවාට Navy Strength යන යෙදුම සිර වී ඇත. overproof යන පදය බෝහෝ විට navy strength සමග යොදාගන්නා අතර සාමානය ප්‍රමිතියට වඩා ඉහල proof සහිත, සාමාන්‍ය‍යෙන් 100 හෝ ඊට වැඩි ඕනෑම ස්ප්‍රීතුවක් හැදින්වීමට යොදාගනි.


Genever



ජුනිපර් බෙරි සදහා වන ලතින් වචනයෙන් පැන නැගුනු නමක් සහිත මේය ජුනිපර් සමග malted grain වලින් නිපදවා ඇත. සමහර එවා ජින් හා විස්කි අතර හරස්කඩකට සංසන්දනය කරයි. එය බොහෝ විට ලන්දේසි භාෂාවෙන් "Jenever" ලෙස ලියා ඇත. මේම ස්ප්‍රීතු නෙදර්ලන්තයේ හා බෙල්ජියමේ ජාතික පානයයි. මෙය ජින් වල මුතුන් මිත්තන් ලෙස සලකනු ලැබුවද මේ තුල ජුනිපර් සුවද හෝ රස ප්‍රමුක නොවේ. මේම විලාසිතාව ජින් වල වෙනමම කාණ්ඩයක් ලෙස සලකයි.



















 












Comments