McGuigan Family Wines
McGuigan Family Wines යනු ඕස්ට්‍රෙලියාවේ ප්‍රමුඛතම වයින් සමගකි. එය 1985 දි තුන්වන පරම්පරාවේ වයින් නිශ්පාදකයෙකු වන Brian McGuigan විසින් ආරම්භ කරන ලදී. සමාගම දැන් Pernod Ricard සමාගම සතු වුවත් McGuigan පවුල දිගටම ව්යාපාරයට සම්බන්ධ වී ඇත.
McGuigan Family Wines සමාගම විසින් දැරිය හැකි මිලකට දෛනික වයින් වල සිට මිල අධික වයින් දක්වා පුළුල් පරාසයක වයින් නිශ්පාදනය කරයි. සමාගමේ ප්‍රමුඛතම සන්නාමය වන්නෙ McGuigan Black Label වන අතර එයට රතු, සුදු හා රොසේ වයින් වර්ග ඇතුලත් වේ.
McGuigan Family Wines තිරසාරත්වය සහ පාරිසරික ආරක්ශාව සදහා කැපවී සිටි. සමාගම තම ඇසුරුම් වලට ප්‍රතිචක්‍රීකර්ණය කරන ලද ද්‍රවය භාවිතා කිරිම සහ පුනර්ජනනිය බලශක්තිය සදහා ආයොජනය කිරිම වැනි පාරිසරික බලපෑම අවම කිරිම සදහා වැඩසටහන් ගනණාවක් ක්‍රියාත්මක කරයි.
McGuigan Family Wines ඔස්ට්‍රෙලියානු වයින් කර්මාන්තයේ ප්‍රබල ආධාරකරුවෙකුද වේ. සමාගම ඔස්ට්‍රෙලියානු වයින් කර්මාන්තයේ උච්චතම ආයතනය වන Wine Australia හි සමාජිකයෙකු වන් අතර ඔස්ට්‍රෙලියානු වයින් ලොව පුරා ප්‍රචලිත කිරිමට මුල පිරිම් ගනනාවකට සම්බන්ද වී ඇත.
McGuigan Black Label Shiraz
McGuigan Black Label Shiraz යනු ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය රතු වයින් වලින් එකකි. එය ripe plum, blackberry සහා spice වල පොහොසත් රසයන් සහිත full bodied වයින් වර්ගයකි. වයින් ද සාපෙක්ශව දැරිය හැකි මිලකට ලබාදෙන අතර එය ගෙවන මිලට විශාල වටිනාකමක් ලබා දේ.
Grape Sourcing and Winemaking
McGuigan Black Label Shiraz දකුණු ඔස්ට්‍රේලියාවේ Riverland, Murray Darling සහ limestone coast region වල මිදි වතු වලින් ලබාගනි. මේම ප්‍රදෙශ සියල්ලම උසස් තත්වයේ Shiraz මිදි නිශ්පාදනය සදහා ප්‍රසිද්දය.
Riverland යනු දිගු වර්ධන සමයක් සහිත උණුසුම් වියළි කලාපයකි. මෙය ඉදුණු පලතුරු සහ හොද සාන්ද්‍රණයක් සහිත Shiraz මිදි නිෂ්පාදනය කරයි.
Murray Darling යනු කෙටි වර්ධන සමයක් සහිත වඩාත් සියුම් රසයක් සහිත හා හොද ආම්ලිකතාවයකින් යූත් Shiraz මිදි නිශ්පාදනය කරයි.
Limestone Coast යනු සිසිල් සුළං සහ හුණුගල් පස් සහිත සමුද්‍ර කලාපයකි. මෙය ත්‍රීව් පලතුරු රසයන් සහ ඛනිජ ලවණ සහිත Shiraz මිදි නිෂ්පාදනය කරයි.
McGuigan Black Label Shiraz සදහා මිදි සම්පුර්ණයෙන් ඉදුණු විට අස්වනු නෙළනු ලැබේ. ඒ වයින්වල හොද සාන්ද්‍රණයක් සහ රසයක් ඇති බව සහතික කිරිමටයි.
මල නොබැදෙන වානේ ටැංකි වල පැසවීමට පෙර මිදි පොඩි කර නැටි ඉවත් කරනු ලැබේ. පළතුරු රසය ආරක්ශා කරගැනිම සදහා පැසවීම සිසිල් උෂ්ණත්වයකදි සිදු කරණු ලැබේ.
පැසවීමෙන් පසු, වයින් මාස කිහිපයක් සදහා ප්‍රංශ හා ඇමරිකානු ඕක් බැරල් වල සංකලනයක වයස්ගත වේ. ප්‍රංශ ඕක් බැරල් වයින් වලට සංකීර්ණත්වය හා ව්‍යූහය එක් කරන අතර ඇමරිකානු ඕක් වයින් වලට වැනිලා හා කුළූබඩු රස එකතු කරයි.
Tasting Notes
McGuigan Black Label Shiraz යනු ගැඹූරු රූබි රතු පැහැයක් සහිත Full bodied වටින් වර්ගයකි. මේහී තීව්‍රර හා පළතුරු සුවදක් ඇත. මේහි රස සටහන් ලෙස Blackberry, Ripe plum හා Spice රස සැලකේ. වයින්වල සිනිදු , වෙල්වට් වයනයක් හා කල් පවතින නිමාවක් ඇත.
Food Pairing
McGuigan Black Label Shiraz යනු විවිධ ආහාර සමග යුගල කල හැකි බහුකාර්‍ය වයින් වර්ගයකි. එය steak, lamb, pork වැනි ග්‍රිල් කරන හෝ රෝස්ට් කරන ලද මස් සදහා විශේශයෙන් හොදින් ගැලපේ. එය පස්තා සහා rich cheese සමගද හොදින් ගැලපේ.
උදාහරණ ලෙස
බැදපු අර්තාපල් හා asparagus සමග ග්‍රිල් කල ribeye steak
රෝස්ට් කල බැටළු මස් සමග rosemary and thyme
Beef bourguignon
Spaghetti and meatballs
chocolate lava cake
Serving Suggestions
McGuigan Black Label Shiraz වඩාත් හොදින් පිලිගන්වනු ලබන්නේ තරමක් සිසිල් කාමර උෂ්ණත්වයකදිය, සෙල්සියල් 18-20 අතර. මෙයට හෙතුව රතු වයින් ඉතා උණුසුම් නොවන විට වඩා හොද රසයක් ලැබිමයි. රතු වයින් ඉත උණුසුම් විට මධයසාර අධික ලෙස ඉස්මතු වී රසය වෙනස් විය හැකිය.
පිලිගැන්විමට පෙර අවම වශයෙන් විනාඩි 30කටවත් පෙර බෝතලය විවෘත කිරිම වයින් වලට " හුස්ම ගැනිමට" ඉඩ සලසයි. මේයින් අදහස් වන්නේ වයින් ඔක්සිජන් වලට නිරාවරණය වන අතර එය Tannins මෘදු කිරිමට හා රසයන් වර්ධනය කිරිමට උපකාරි විමයි.
Storage
McGuigan Black Label Shiraz වසර කිහිපයක් ගබඩා කළ හැකි නමුත් එය බෝතල් කිරිමේන් වසර 2-5 ත් ඇතුලත වඩාත් හොදින් භූක්ති විදිය හැක. මෙයට හේතුව කාලයත් සමග වයින්වල නැවුම් බව සහ රසය නැති වී යාමට පටන් ගැන්මයි.
Comments