වොඩ්කා Vodka - 01 කොටස

 වොඩ්කා  Vodka



වොඩ්කා යනු ධාන්‍ය හො අර්තාපල හා වෙනත් කෘෂිකාර්මික නිශ්පාදන වලින් සාදන ලද පිරිසිදු ආසවනය කරන ලද ස්ප්‍රිත්තු වර්ගයකි.පසුව එය අගුරු මගින් පෙරා නැවත නිවරදි කර හෝ ආසවනය කිරිම මගින් ස්වාභාවික සංඝටක ප්‍රමානය අඩු කර ඉතා පිරිසිදු රසයක් සහතික කරයි. වොඩ්කා ලොව පුරා නිශ්පාදනය කර පරිභොජනය කරයි.


වොඩ්කා යන වචනය වියුත්පන්න වි ඇත්තේ සැල්වික් වචනයක් වන ‘ VODA - වොඩා ‘ හො පොලන්ත වචනයක් වන ‘ WODA - වොඩා ‘ මගිනි. එහි තෙරුම ජලය යන්නයි.වොඩ්කා හි ඉතිහාසය පිලිබදව උනුසුම් වාද විවාද ඇති අතර නවවන සියවස අවසානයෙදි වොඩ්කා හි පලමු ලෙඛනගත නිශ්පාදනය හමු වි ඇති අතර එ රුසියාවෙන්‍ ය. පොලන්තය ද තමන් 8 සියවස මුලභාගයෙදි වොඩ්කා නිශ්පාදනය කල බව ප්‍රකාශ කරයි.


16 වන සියවස මැද භාගයෙදි පොලන්තය හ ෆින්ලන්තය වොඩ්කා සිය ජාතික පානය ලෙස නම් කරන ලදි. රුසියාවෙදි ද වොඩ්කා බෙහෙතක් ලෙස නිතරම භාවිතා කරන ලදි.


1450 පමන වන විට Vodka මහා පරිමානයෙන් නිශ්පාදනය ආරම්භ වු අතර 1505 රුසියාව විසින් ස්විඩනය වෙත සිය පලමු වොඩ්කා අපනයනය සිදු කරන ලදි. ඉට ශතවර්ශයකට පමන පසුව පොලන්තය සිය ප්‍රධාන නිශ්පාදනාගාර පවතින Poznan හා Krakow වලින් සිය අපනයනය ආරම්භ කරන ලදි.


වොඩ්කා 16 වන සියවස තුලදි වැඩි වශයෙන් ජනප්‍රියතාවයට පත් වු අතර මේ සදහා වැඩි වශයෙන් දායක වුයේ නැපොලියානු යුද්ධයට ( Napoleonic War ) සහභාගි වු සොල්දාදුවන්ගෙ ගමන් මාර්ගයන්‍ ය. මෙහිදි අතිමහත් වු ඉල්ලුම සදහා නව නිශ්පාදනයන් බිහි වු අතර එවායින් බොහොමයක් අල ( Potato mesh ) මගින් ආසවනය කරන ලදි.


1918 රුසියානු විප්ලවයෙන් පසු බොල්ශෙවික්වරු සියලුම පුද්ගලික ස්කාගර රාජසන්තක කල අතර, රුසියානු වොඩ්කා නිශ්පාදකයන් විශාල ප්‍රමාණයක් සිය කුසලතා හා වට්ටොරු රැගෙන වෙනත් රටවලට සංක්‍රමනය විය. එ මගින් වොඩ්කා ලොව පුරා ප්‍රචලිත විය.


වොඩ්කා සම්බන්ද වැරදි අදහස්


  • අල හා ඉරිගු වලින් නිපදවන වොඩ්කා වල පමනයි ග්ලුටන් අඩංගු නොවන්නේ.


වොඩ්කා වල ආසවන ක්‍රියාවලිය මගින් සියලුම ග්ලුටන් පරිබොජන අවස්තාවට පෙර විනාශ කර දමයි.තිරිගු වලින් නිශ්පාදනය වන වොඩ්කා වල පවා ග්ලුටන් අඩංගු නොවෙ. වොඩ්කා වලට ග්ලුටන් එකතු විය හැකි ක්‍රමය නම් ආසවනයෙන් පසු බාහිරව එකතු කිරිමෙන් පමනි. විවිද රසයන් එකතු කල වොඩ්කා භාවිතයෙදි පමනක් මෙ පිලිබදව සැලකිලිමත් විය යුතුය.


  • කිහිප වරක් පෙරිමෙන් ( ආසවනය කිරිමෙන් ) තත්වයෙන් උසස් වොඩ්කා ලබගත හැක.


වොඩ්කා කිහිප වාරයක් ආසවනය කිරිමෙන් සිදුවන්නේ එය වඩාත් පිරිසිදු විම හා smooth විම පමනි. නමුත් එය උසස් තත්වයක් සදහා අත්වශ්‍ය නොවේ. අවශ්‍ය ප්‍රමානයට වඩා වොඩ්කා ආසවනය කිරිමෙන් එහි රසය, සුවද හා ගතිගුන නැතිවිය හැක. වැඩිපුර ආසවනය කිරිමෙන් අවසානයේ සංශුද්ධ මද්‍යසාර පමනක් ඉතිරිවිය හැක.


  • වැඩි මිලක් = උසස් තත්වයක්


Top shell  වොඩ්කා හි මිල තිරනයකට පදනම් වන්නේ එම නිශ්පාදනයන්ගේ පිරිසිදුකම හා සමහර නිශ්පාදකයන්ට අනුව ඔවුන් යොදා ගන්නා නැවුම් ජලය හා නැවුම් අමුද්‍රවයන් ය. නමුත් පුද්ගලිකව තම කැමති රසය අනුව එම නිශ්පාදනය top shell නිශ්පාදනයක් නෝවිය හැක.


  • සියලුම වොඩ්කා සමානයි


සමහරක්විට මෙය විය හැක බහුලවම පැතිරි ඇති වැරදිම මත්වාදය විය හැක්කේ. මෙය පැතිරිමට මුලිකම හෙතුව වන්නට ඇත්තේ සියලුම වොඩ්කා සදහා වෙනස් රසයක් නොතිබිම විය හැක, විශෙෂයෙන්ම දශක ගනනාවක් තිස්සෙ වොඩ්කාවල ස්මූත් බව එය විස්තර කරන්නට යොදා ගැනිම මෙයට හෙතුවක් විය හැක. නමුත් සත්‍ය වශයෙන්ම වොඩ්කාහි රසය මගින් එය පැමිනියේ කොහේ සිටද එය ආසවනය කර ඇත්තෙ මොනවාගෙන්ද යන්න පිලිබිඹු කරනු ලබයි.- සරලවම නැගෙනහිර යුරොපයෙන් ලැබෙන සාම්ප්‍රදායක වොඩ්කා වඩා ශක්තිමත් හා ස්තිරසාර බවක් පිලිබිඹු කරන අතර එවා නිශ්පාදයනය කර ඇත්තේ කුමන අමුද්‍රවය යොදාගෙනද යන්න්ද පැහැදිලි වේ. නැමුත් බටහිරදෙසට වන්නට නිශ්පාදනය වන වෝඩ්කා වඩාත් සුමුදු හා පහසුවෙන් ලගාවිය හැකි බවක් පෙන්වනවා - Abou Ganim. උදාහරන ලෙස Iceland Reyka Vodka, Poland’s Monopolowa Vodka, Ketel One from Netherlands වැනි වොඩ්ක භාවිතා කරන අයෙකුට මෙම වෙනස පැහැදිලිවම දැකිය හැක එම වෙනස කොතරම් කුඩා උවත්.


බෙහෙත් හා වෙඩි බෙහෙත් ලෙස


මධ්‍යතන යුගයෙදි මද්‍යසාර නිශ්පාදනය ප්‍රදාන වශයෙන්ම සිදුවුයේ වෛද්‍යමය අවශ්‍යතා ලෙසට වු අතර වෙඩි බෙහෙත් නිශ්පාදයෙදි අමුද්‍රවයක් ලෙසද යොදා ගැනුනා.


14 වන ශතවර්ශයෙදි මොස්කව් වල සිටි බ්‍රිතාන්‍ය තනාපතිවරයා විසින් මුලින්ම වොඩ්කා රුසියාවේ ජාතික පානය ලෙස හැදින්වු අතර 16වන ශතවර්ශයේ මැද භාගයේදි පොලන්තය හා ෆින්ලන්තය සිය රටවල ජාතික පානය ලෙස වොඩ්ක නම් කරනු ලැබුවා. Novgorod වංශකතා වලට අනුව 1533දිද වොඩ්කා බෙහෙතක්ලෙස රුසියාවෙ නිතරම භාවිතා කල බව පැවසෙනවා.


මෙම කාලවලදිම රුසියාව විසින් විවිද වර්ග වල වොඩ්කා එහෙමත් නැත්නම් උනු වයින් ( Hot Wine )(  වොඩ්කා වලට ඒ කාලෙ කියලා තියෙන්නේ එහෙම )නිශ්පාදනය කරලා තියනවා. 



  • Plain Wine ( සම්මත වොඩ්ක / Standard )

  • Good Wine ( වැඩිදියුනු කල / Improved )

  • Boyar Wine ( උසස් තත්වයේ / High Quality )

  • Double Wine ( දෙවරක් හෝ ඉට වඩා ආසවනය කරන ලද )



වොඩ්කා නරක් වෙනවා


සාමන්‍ය වොඩ්කා බොතලයක් විවෘත කිරිමෙන් පසු වසරක් ඇතුලත භාවිතයට ගත යුතු වනවා.


පට්ටම පිරිසුදුයි


ක්ලොස්ටොරොල්, සොඩ්‍යම්, යිස්ට් හා කාර්බ් අඩංගු නොවන වෝඩ්කා සැදි ඇත්තේ සරලවම ජලය හා එතනොල් මිශ විමෙනි. එමගින් මිනිසා විසින් සාදන ලද පිරිසිදුම පානයක් ලෙස වොඩ්කා සලකනවා.


රුසියාවේ වොඩ්කා නැති වු කාලය


රුසියාව වොඩ්කා නිශ්පාදය කරනු ලබන්නෙ 15 ශතවර්ශයේ අග භාගයේ සිට වුවත් 1945 වන විට රුසියාවෙ වොඩ්කා හිගයක් ඇති වි තිබෙනවා. දෙවන ලෝක යුද්දයත් සමග ඇති වු ධන්‍ය හිගකම මේ සදහා හෙතු වී තිබෙනවා.





වොඩ්කා සදහා යොදාගන්නා අමුද්‍රවය


සිනි වන, පැසවිමට ලක්කල හැකි ඔනෑම අමු ද්‍රවයකින් වොඩ්කා නිශ්පාදනය කල හැක. නමුත් වැඩි වශයෙන්ම අඅඩංගු ල, බීට්, මොලැසස් ( Molasses ) හා ධාන්‍ය වර්ග වලින් වොඩ්කා නිශ්පාදනය කරනු ලබයි. පොලන්තයෙදි රේ ( Rey) මගින් නිශ්පාදනය වන වොඩ්කා වඩා ජනප්‍රිය වන අතර බාර්ලි වලින් සාදන ලද වොඩ්කා ෆින්ලන්තයේ ජනප්‍රියයි. නමුත් රුසියාවෙදි වඩා ජනප්‍රිය තිරිගු වලින් සාදන වොඩ්කායි.


වොඩ්කා බෝතලයේ අන්තර්ගතයෙන් 70% ක් ජලය සෑදී ඇති බැවින් භාවිතා කරන ජල වර්ගය අවසාන රසයට සහ මුඛයේ රසයට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. ස්කාගාර සාමාන්‍යයෙන් පිහිටා ඇත්තේ බහුල ජල සැපයුමක් ඇති ස්ථානවල වන අතර එය ඉතා මෘදු සහ ලුණු අඩු වන අතර අයන ආටේෂියන් ළිං හෝ ස්වාභාවික උල්පත් වඩාත් සුදුසු තේරීමක් කරයි. නවීන තාක්‍ෂණය ආසවනය කරන්නන්ට ජලය ඛනිජ ඉවත් කර පිරිසිදු, ටෙස්ටේ අඩු ජලය නිපදවීමට ඉඩ ලබා දුන්නද එය අවසාන රසයට බලපාන්නේ නැත.




  • මොල්ට් මිල් Malt meal

ස්ට්‍රච් සීනි බවට පරිවර්තනය කිරීම සඳහා මෙම සංඝටකයේ පැවැත්ම බොහෝ විට අවශ්ය වේ.

  • යිස්ට්

පැසවීම ක්රියාවලිය සඳහා අත්යවශ්ය අමුද්රව්යයකි. අතීතයේ ආසවනය කරන්නන් පැසවීම සඳහා වාතයේ ඇති යීස්ට් මත යැපෙන්නට ඇත, නමුත් වර්තමානයේ වාණිජමය වශයෙන් සකස් කරන ලද ඩිස්ටිලර් හෝ බීර යීස්ට් සාමාන්‍යයෙන් භාවිතා වේ.

  • රසකාරක

නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේ විවිධ ලක්ෂණ එකතු කිරීම සඳහා බහුලව භාවිතා වේ. වඩාත් ජනප්‍රිය රසයන් වන්නේ ඖෂධ පැළෑටි සහ තෘණ වර්ගවල සිට කුළුබඩු සහ පලතුරු, රතු ගම්මිරිස්, ඉඟුරු, වැනිලා, චොකලට් සහ බයිසන් තණකොළ උදාහරණ කිහිපයකි. මී පැණි කුඩා ප්‍රමාණයක් වොඩ්කා වල දුස්ස්රාවීතාවය වැඩි කිරිමට යොදා ගනි.




වැරදි අඩු පාඩු හෝ ඔයාලා දන්න තවත් දෙවල් තියනවා නම් කියන්න අප්ඩෙට් කරන්න.


දිලංග සම්පත්


Comments