ජින් හෝ වොඩ්කා සමග වර්මූත් මිශ්‍ර කිරිමෙන් සාදන මාර්ටිනි කොක්ටෙල් එක බාර් එකට ඇවිත් දැන් ශතවර්ශයකට වැඩි කාලයක් වෙනවා. සාමන්‍යෙන් olive හෝ lemon twist යෝදාගෙන හැඩවන (garnish ) මෙම කොක්ටෙල් එක එහි crisp (දන්න කෙනෙක් මටත් කියන්න ) , පැහැදිලි රසයට මෙන්ම එයටම විශේෂ වු විදුරුව නිසා ප්‍රසිද්දයි.
මෙම කෝක්ටෙලයේ උප්පත්ති කතාව පැහැදිලි නැතත් මුලින්ම කරලියට පැමින ඇත්තෙ 1800 ගණන් වල අග භාගයෙදියි. සාම්ප්‍රදායික මාර්ටිනි හදන්නේ ජින් හෝ වොඩ්කා සමග dry vermouth ( වියලි වර්මූත් ??? ) යොදාගෙන වුවත් වෙනත් අමුද්‍රවය හා වෙනස් අනුපාත වලින් ජින්, වොඩ්කා හා වර්මූත් මිශ්‍ර කිරිමෙන් විවිධ වර්ග වල මාටිනි හදනවා. උදාහරණ ලෙස වෝඩ්කා මාර්ටිනි, dry martini, dirty martini, apple martini( appletini )
මේම පානය බොහො පොත් වල හා රුපවාහිනි නට්ටි වල මෙන්ම චිත්‍රපටි වලින්ද බොහො ප්‍රසිද්ද වෙලා තියනවා.ඒ වගෙම ලොව පුරා කොක්ටෙල් වලට ආදරය කරන අය රස විදින පානයක් ලෙසටත් මාර්ටිනි ප්‍රසිද්දයි.
දැන් අපි විවිධ මාර්ටිනි වර්ග ගැන බලමු.
ක්ලැසික් මාර්ටීනි ( Classic Martini)
Gin හා Dry Vermouth සමග සාදයි. ඔලිව් හෝ ලෙමන් ට්විස්ට් මගින් සරසයි.
වොඩ්කා මාර්ටිනි ( Vodka Martini )
ක්ලැසික් මාර්ටිනි සාදන ආකාරයටම ජින් වෙනුවට වොඩ්කා යොදාගනි.
ඩර්ටි මාර්ටිනි ( Dirty Martini )
ක්ලැසික් මාර්ටිනි එකටම ඔලිව් බොතලයේ ඇති ඔලිව් ජුස් මිශ්‍ර කරයි. මෙමගින් යන්තම් ලුණු රසක් සමග ඇපැහැදිලි පෙනුමක් පානයට ලබා දේ.
ගිබ්සන් මාර්ටිනි ( Gibson Martini )
ක්ලැසික් මාර්ටිනි එකටම ගාර්නිශ් එකට ලූනූ ආච්චාරු ( Pickled Onion ) පමනක් එකතු කරයි.
ඩ්‍රයි මාර්ටිනි ( Dry Martini )
ක්ලැසික් මාර්ටිනි එකටම අඩුවෙන් dry vermouth එකතු කරයි.
ඇපල් මාර්ටිනි / ඇපල්ටිනි ( Apple Martini / Appletini )
වොඩ්කා, ඇපල් ලිකියර් හා සවර් මික්ස් ( Sour mix - සමාන අනුපාත වලින් දෙහි යුශ, ලෙමන් යුශ හා සිම්පල් සිරප් මිශ්‍ර කර සාදා ගනි ) එකතු කිරිමෙන් සදා ගනි.
ෆර්ෆෙක්ට් මාර්ටිනි ( Perfect Martini)
ජින්, dry vermouth, sweet vermouth සමාන අනුපාත වලින් මිශ්‍ර කිරිමෙන් සදාගනි.
වෙස්පර් මාර්ටිනි ( Vesper Martini )
වොඩ්කා, ජින්, dry vermouth මිශ්‍ර කිරිමෙන් සදා ගනි.
එස්ප්‍රෙසො මාර්ටිනි ( Espresso Martini )
වොඩ්කා, කලුහා හා නැවුම් එස්ප්‍රෙසො ශොට් එකක් මිශ්‍ර කිරිමෙන් සදා ගනි.
වැරදි අඩු පාඩු හෝ ඔයාලා දන්න තවත් මාර්ටිනි වර්ග තියනවා නම් කියන්න අප්ඩෙට් කරන්න.
දිලංග

Comments